Kitchen
ෆෘට් ඇන්ඩ් නට් කප් කේක්
මේ දේවල් අවශ්‍යයි
මාගරින් - 100g
පිටි - 100g
බිත්තර - 2
සීනි - 100g
වැනිලා තේ හැඳි - 1
බේකින් පවුඩර් තේ හැඳි - 1
බේකින් සෝඩා තේ හැඳි - 1/4
නැවුම් කිරි මේස හැඳි - 2
කැබලි කරගත් රේසින් - 20g
කැබැලි කරගත් කජුමද - 25g
කැබලි කරගත් චෙරි - 15g
සාදන ආකාරය :-
මාගරින්
සහ සීනි හොඳින් ගසා (බීට් කර) ගන්නා අතර එයට බිත්තර එකින් එක එකතු කර
මිශ්‍ර කර ගනිමින් ක්‍රීම් එකක් සාදා ගන්න. එයට අනෙක් වියළි ද්‍රව්‍ය
වැනිලා හා නැවුම් කිරි ද එක්කර හොඳින් ගසා ගන්න.
පසුව කප් කේක්
අච්චුවලට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180කට රත්කරගත් උදුනක විනාඩි 15 - 18
පමණ කාලයක් පුළුස්සා ගන්න. කප් කේක් බාගෙට පිළිස්සීගෙන එනවිට රේසින්, කජු
මද හා චෙරි කප් කේක් මතට ඉසගෙන තවදුරටත් පුළුස්සා ගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks